ගර්භාෂය තුළ සිදුවන වෙනස්කම්
ඩිම්බ සෛල සංසේචනයක් සිදුවුයේ නම් එයින් ඇතිවන කලලය වර්ධනය වීම ගර්භාෂය තුළ සිදු වේ. ගර්භාෂය තුළ සිදුවන වෙනස්වීම් ප්‍රධාන අවධි තුනකට බෙදා දැක්විය හැකි ය.
රූපයක් එක් කළ යුතුය
1. ආර්තව අවධිය
ආරම්භක අවධිය යි. සංසේචනයක් සිදු නොවූයේ නම් ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝන මට්ටම පහත වැටීම සිදුවේ. මේ හේතුවෙන් වර්ධනය වූ ගර්භාෂ බිත්තිය බිඳ වැටී එම කොටස් රුධිරය සමග යෝනි මාර්ගය ඔස්සේ දේහයෙන් පිට වේ. මෙය ආර්තව ප්‍රවාහය ලෙස හඳින්වේ.
මෙය දින හතරක් පමණ පවතී.
2. ප්‍රගුණන අවධිය
දෙවන අවධිය යි. බිඳවැටී ඇති ගර්භාෂ බිත්තිය ඊස්ට්‍රජන් හෝර්මෝනයේ බලපෑම නිසා ක්‍රමයෙන් වර්ධනය වීම අරඹයි. මෙහිදී ගර්භාෂයේ ඇතුළු බිත්තියේ නව සෛල තට්ටුවක් ඇතිවීම හා වාහිනීමත් වීම (රුධිර කේෂනාලිකා සුලභ වීම) සිදුවේ.
මේ සඳහා දින 10 ක් පමණ ගත වේ.
3. ස්‍රාවී අවධිය
අවසාන අවධිය යි. වර්ධනය වූ ගර්භාෂ බිත්තිය තවදුරටත් ඝනකම් වීම, රුධිර සැපයුම වැඩිවීම හා ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වී ස්‍රාවී තත්ත්වයට පත්වීම සිදු වේ. ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝනයේ බලපෑම නිසා මෙය සිදු වේ.
මේ සඳහා දින 14 ක් පමණ ගතවේ. මෙම අවධිය තුළ දේහ උෂ්ණත්වය ද සුළු වශයෙන් වැඩි වේ.
තැනීම, සරසා ගැනීම, නැතහොත් ඉවත් කිරීම
අවධි තුන යනු එක් සූදානමක් හා එහි ඉවත් කිරීම ය. ප්‍රගුණන අවධිය බිත්තිය නැවත තනයි, ස්‍රාවී අවධිය එය කලලයක් පිළිගැනීමට සූදානම් කරයි, සහ කලලයක් නොපැමිණි විට ආර්තව අවධිය එය ඉවත් කරයි.