Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.6. ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ 9 වන පිටුව (10)

ලෝහාලෝහ — සිලිකන් හා බෝරෝන්

පියගැට පෙළ රේඛාව අවට පිහිටි මූලද්‍රව්‍යවලට ලෝහ හා අලෝහවලට අතරමැදි ගුණ ඇත. ඉන් දෙකක් හොඳින් දැනගැනීම වටී.

සිලිකන් (Silicon, Si)

ඔක්සිජන් හැරුණු විට පෘථිවි කබොලෙහි වැඩි වශයෙන් ම දක්නට ඇති මූලද්‍රව්‍යය සිලිකන් ය.

රූපයක් එක් කළ යුතුය

3.16 රූපය: සිලිකන් කැබැල්ලක් — ලෝහමය දිලිසීමක් සහිත තද අළු පැහැති.
  • සිලිකන් සංයෝග ස්වභාවයේ ස්ඵටිකරූපී මෙන් ම අස්ඵටිකරූපී ආකාර ලෙස ද පවතී.
  • තිරුවාන හා වැලි, එමරල්ඩ් වැනි මැණික් වර්ග ස්ඵටිකරූපී සිලිකන් සංයෝග වේ. මැටි සිලිකන් අඩංගු සංයෝගයකි.
  • සිලිකන්වල ද්‍රවාංකය 1410 °C වේ.

භාවිත

  • ට්‍රාන්සිස්ටර සහ ඩයෝඩ සෑදීමට.
  • සූර්ය කෝෂ සෑදීමට.
  • පරිගණක උපාංග සෑදීමට.

බෝරෝන් (Boron, B)

සංශුද්ධ බෝරෝන් කළු පැහැති ස්ඵටිකරූපී ඝන මූලද්‍රව්‍යයක් ලෙස පවතී.

රූපයක් එක් කළ යුතුය

3.17 රූපය: පිඟානක් තුළ ඇති බෝරෝන් කැබලි — තද පැහැති, වීදුරු වැනි.
  • එහි ඝනත්වය 3300 kg m−3 වන අතර ද්‍රවාංකය 2200 °C වේ.
  • ප්‍රතික්‍රියාශීලී බව සාපේක්ෂ ව අඩු ය. එබැවින් වාතය තුළ දී ඉහළ උෂ්ණත්වවලට රත් කළ ද ප්‍රතික්‍රියා නොකරයි.
  • අස්ඵටිකරූපී බෝරෝන් ඉතා ඉහළ උෂ්ණත්වවල දී ඔක්සිජන්, නයිට්‍රජන්, නයිට්‍රික් අම්ලය, සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය, කාබන්, සල්ෆර් වැනි ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කර අනුරූප සංයෝග සාදයි.

භාවිත

  • ලෝහ පෑස්සීමේ දී.
  • චර්ම ආලේපන සෑදීමට.
  • ඉහළ උෂ්ණත්වවලට රත් කළ හැකි වීදුරු වර්ග නිෂ්පාදනයට.