11 වන ප්‍රශ්නය
සාමාන්‍ය උෂ්ණත්වයේ දී ද්‍රව අවස්ථාවේ පවතින අලෝහය කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
බ්‍රෝමීන් ය.
අලෝහ අවස්ථා තුනේ ම පවතී; ලෝහවලින් ඒවා වෙනස් වන එක් ආකාරයක් එයයි. කාබන්, සල්ෆර්, පොස්ෆරස් හා අයඩීන් ඝන අවස්ථාවේ ද; ක්ලෝරීන්, ෆ්ලුවෝරීන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් හා ඔක්සිජන් වායු අවස්ථාවේ ද පවතී. ඔබ හදාරන ඒවා අතරින් ද්‍රව අවස්ථාවේ පවතින්නේ බ්‍රෝමීන් පමණි.