Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.6. ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ 18 වන පිටුව (19)

18 වන ප්‍රශ්නය

ඔක්සිජන් හැරුණු විට පෘථිවි කබොලෙහි වැඩි වශයෙන් ම දක්නට ඇති මූලද්‍රව්‍යය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සිලිකන් ය — එය ලෝහාලෝහයකි.

තිරුවාන හා වැලි, එමරල්ඩ් වැනි මැණික් වර්ග ස්ඵටිකරූපී සිලිකන් සංයෝග වේ; මැටිවල ද සිලිකන් අඩංගු ය. එහි ද්‍රවාංකය 1410 °C වන අතර ට්‍රාන්සිස්ටර, ඩයෝඩ, සූර්ය කෝෂ හා පරිගණක උපාංග සෑදීමට එය භාවිත වේ. ඔබ හදාරන අනෙක් ලෝහාලෝහය වන බෝරෝන් ලෝහ පෑස්සීමේ දී ද, චර්ම ආලේපන සෑදීමට ද, ඉහළ උෂ්ණත්වවලට රත් කළ හැකි වීදුරු නිෂ්පාදනයට ද යොදා ගැනේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.