Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.3. ලෝහ, අම්ල සහ ලවණ 3 වන පිටුව (6)

3 වන ප්‍රශ්නය

කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයට සින්ක් දැමූ විට කොපර් තැන්පත් වන නමුත් සින්ක් සල්ෆේට් ද්‍රාවණයකට කොපර් දැමූ විට සින්ක් තැන්පත් නොවන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සින්ක්, කොපර්වලට වඩා සක්‍රිය බැවින්. ලෝහයක ලවණ ද්‍රාවණයකින් ලෝහය විස්ථාපනය කිරීමට හැක්කේ ඊට වඩා සක්‍රිය ලෝහයකින් පමණි.

එබැවින් සින්ක්ට කොපර් විස්ථාපනය කළ හැකි නමුත් කොපර්ට සින්ක් විස්ථාපනය කළ නොහැකි ය. ද්‍රාවණයේ වර්ණය මෙයට හේතුව නොව ප්‍රතික්‍රියාව සිදු වන බවට සාක්ෂිය පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.