දරු ප්‍රසූතිය
ප්‍රසූතිය ආසන්න වන විට භ්‍රෑණය ගර්භාෂය තුළ පිහිටා ඇත්තේ හිස පහළට සිටින සේ ය.
- දින 280 ක් පමණ ගත වූ පසු භ්‍රෑණයේ විකසනය සම්පූර්ණ වේ.
- එවිට ගර්භාෂයේ පේශි සංකෝචනය වීමෙන් දරුවා යෝනි මාර්ගය ඔස්සේ පිටතට තල්ලු වේ. මෙය දරු ප්‍රසූතිය ලෙස හැඳින්වේ.
- ගර්භාෂය තවදුරටත් සංකෝචනය වීම මගින් කලලබන්ධය හා සම්බන්ධ අනෙකුත් පේශි ඉවත් කරයි. මෙය වැදෑමහ නම් වේ.
- පසුව ප්‍රසූතියෙන් පසු කලලබන්ධය හා භ්‍රෑණය සම්බන්ධ කෙරුණු පෙකණි වැල කපා ගැට ගසයි.
හිස පහළට සිටින්නේ ඇයි
දරුවාගේ විශාල ම, අවම වශයෙන් හැකිලිය හැකි කොටස හිස ය. එය මුලින් යාම යනු, හිස පසු කළ පසු සෙසු කොටස් පහසුවෙන් අනුගමනය කරන බව ය. ප්‍රසූති වේදනා ඇරඹීමට බොහෝ කලකට පෙර මෙම පිහිටීම තීරණය වන්නේ එබැවිනි.
පැවරුම 14.4
- මාතෘ රුධිරයේ සිට භ්‍රෑණයේ රුධිරයට කලලබන්ධය හරහා විසරණය වන ද්‍රව්‍ය මොනවා ද?
- එසේ ම භ්‍රෑණ රුධිරයේ සිට මාතෘ රුධිරයට විසරණය වන ද්‍රව්‍ය මොනවා ද?