Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. ප්‍රොටිස්ටා සහ ෆන්ගයි 4 වන පිටුව (6)

ෆන්ගයි රාජධානිය

කයිටින් සහිත සෛල බිත්ති දරන සූ න්‍යෂ්ටික සෛලවලින් සමන්විත ඒකසෛලික හෝ බහුසෛලික දිලීරවලින් සමන්විත රාජධානිය යි.

රූපයක් එක් කළ යුතුය

13.9 රූපය — දිලීර ජාලයක් (mycelium).

ෆන්ගයි විශේෂ මිලියන 1.5 සිට මිලියන 5 අතර සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ඉතා කුඩා ව්‍යූහ දරයි.

වියෝජකයන් ලෙස

මෙම ජීවීහු කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම සඳහා විශේෂ දායකත්වයක් දක්වති.

සහජීවීන් ලෙස

එසේ ම වෙනත් ජීවීන් සමග සහජීවී සංගම් සාදති — ලයිකනය ඊට නිදසුනකි.

රූපයක් එක් කළ යුතුය

13.10 රූපය — දිලීර වර්ග කිහිපයක ප්‍රජනක ව්‍යූහ: විවිධ හැඩ හා වර්ණවලින් යුත් හතු.

දිලීරයක් ශාකයක් නොවේ

හතු බිමෙන් වැඩෙන බැවින් ඒවා ශාක යැයි සිතීම පහසු ය. එහෙත් දිලීරයකට හරිතප්‍රද නැත, එබැවින් එයට ආහාර නිපදවිය නොහැක; සෛල බිත්තිය සෙලියුලෝස් නොව කයිටින් ය — එනම් කෘමියෙකුගේ පිට සැකිල්ලේ ඇති ද්‍රව්‍යය යි.