Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. ප්‍රොටිස්ටා සහ ෆන්ගයි 5 වන පිටුව (6)

දිලීර සහ අප

දිලීර මිනිසාට වැදගත් වන අවස්ථා හතරකි — තුනක් අපට වාසිදායක ය, එකක් නොවේ.

භාවිතය නිදසුන
ප්‍රෝටීන් පරිපූරක ආහාරයක් Agaricus හතු
පාන් සහ මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලිය යීස්ට් (Yeast)
ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය Penicillium මගින් පෙනිසිලීන්
සතුන් හා ශාකවලට රෝග Candida විසින් අලුහම්; Phytopthora විසින් අර්තාපල් අංගමාරය

ක්‍රියාකාරකම 13.2

පාන් පෙත්තක ඇති පුස් (Mucor) නිරීක්ෂණය කරමු.

  1. පාන් පෙත්තකට ජලය ස්වල්පයක් යොදා දින දෙකක් පමණ තබන්න.
  2. එය මතුපිට දිලීර ජාලයක් හටගෙන ඇති බව පෙනේ.
  3. වීදුරු කූරක් ආධාරයෙන් ඉන් ස්වල්පයක් වීදුරු කඳාවකට දමා වැසුම් පෙත්තකින් වසා අණුවීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න.

රූපයක් එක් කළ යුතුය

13.11 රූපය — පුස් සහිත පාන් පෙත්තක්.

පෙනිසිලීන් ලෝකය වෙනස් කළේ ය

දිලීරයක් වන Penicillium මගින් නිපදවෙන පෙනිසිලීන් යනු මුල් ම ප්‍රතිජීවකයයි. එනම් බැක්ටීරියා රෝග සුව කරන්නට අප යොදා ගන්නේ තවත් ජීවියෙකු නිපදවන ද්‍රව්‍යයකි.