බීජ පත්‍රයක් ද දෙකක් ද?
බීජයේ අඩංගු බීජ පත්‍ර සංඛ්‍යාව අනුව සපුෂ්ප ශාක නැවත කාණ්ඩ දෙකකට බෙදිය හැක.
| ඒක බීජ පත්‍රී ශාක | ද්වි බීජ පත්‍රී ශාක |
|---|---|
| බීජයේ එක් බීජ පත්‍රයක් හටගනී. | බීජයේ බීජ පත්‍ර දෙකක් හටගනී. |
| කඳ අතු බෙදී (ශාඛනය වී) නැත. | කඳ අතු බෙදී (ශාඛනය වී) ඇත. |
| මුදුන් මුලක් නැත. තන්තු මුල් පද්ධතියක් දරයි. | මුදුන් මුලක් හා පාර්ශවික මුල් සහිත මුල් පද්ධතියක් දරයි. |
| පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් දරයි. | පත්‍ර ජාලාභ නාරටි වින්‍යාසයක් දරයි. |
| ත්‍රී අංකී පුෂ්ප දරයි. | චතුර් අංක හෝ පංචාංක පුෂ්ප දරයි. |
| ද්විතියික වර්ධනයක් සිදු නොවේ. | ද්විතියික වර්ධනයක් සිදු වේ. |
| කඳේ සෑම තැනම සමාන මහතකින් යුක්ත ය. | කඳහි මුල ප්‍රදේශය මහත් ය. අගට යන විට ක්‍රමයෙන් සිහින් වේ. |
| නිදසුන් — වී, තෘණ, පුවක් | නිදසුන් — මිරිස්, කොස්, නිල් මානෙල් |
13.4 වගුව — ඒක බීජ පත්‍රී හා ද්වි බීජ පත්‍රී ශාක අතර වෙනස්කම්.
ක්‍රියාකාරකම 13.3
ගොයම් පැළයක් හෝ තෘණ ශාකයක් සහ කුප්පමේනියා පැළයක් ගලවා ප්‍රවේශමෙන් මූල පද්ධතිය සෝදා එම ශාක දෙකේ ලක්ෂණ නිරීක්ෂණය කර ලැයිස්තුගත කරන්න.
පැවරුම 13.1
සපුෂ්ප හා අපුෂ්ප යන ශාක දෙවර්ගය ම ඇතුළත් වන ආකාරයට ශාක කොටස් වියළා සකස් කළ ශාක එකතුවක් සාදන්න.
මුල බැලුවොත් ප්‍රමාණවත් ය
ලක්ෂණ හතක් මතක තබා ගැනීමට අවශ්‍ය නැත. ගසක් ගලවා මුල් පද්ධතිය බලන්න: තන්තු මුල් නම් ඒක බීජපත්‍රී ය, මුදුන් මුලක් නම් ද්වි බීජපත්‍රී ය. පත්‍රයේ නාරටි ද එකෙපමණ ම විශ්වාස කළ හැකි ය.