Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. ප්ලාන්ටේ රාජධානිය 5 වන පිටුව (6)

සපුෂ්ප ශාක

පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වේ. සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යූහය පුෂ්පය වේ.

ආවෘත බීජක ශාක

පුෂ්ප තුළ බීජ හට ගනී. බීජ සෑම විට ම ඵලයක් මගින් ආවරණය වී පවතින නිසා ආවෘත බීජක ශාක (Angiosperms) ලෙස ද හැඳින්වේ.

රූපයක් එක් කළ යුතුය

13.14 රූපය — සපුෂ්ප ශාක: ඒක බීජ පත්‍රී ශාකයක් වන පොල් සහ ද්වි බීජ පත්‍රී ශාකයක් වන අඹ.

මෙම ශාක භෞමික පරිසරයට ඉතා හොඳින් හැඩගැසී ඇති අතර ජල සංරක්ෂණය සඳහා අනුවර්තන පෙන්වයි.

ඵලයක් ලැබෙන්නේ කුමට ද?

විවෘත බීජක ආවෘත බීජක
පුෂ්පය නැත ඇත
බීජය පරිසරයට විවෘත ය ඵලයකින් ආවරණය වී ඇත
නිදසුන් Cycas, Pinus පොල්, අඹ, තෘණ

ඵලයක් යනු බීජය ආරක්ෂා කිරීමට පමණක් නොව එය බෙදා හැරීමට ද ඇති ක්‍රමයකි — ඵලය අනුභව කරන සතා බීජය වෙනත් තැනකට ගෙන යයි.