Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 2 පරිච්ඡේදය — සරල රේඛීය චලිතය

2.3. ප්‍රවේගය 2 වන පිටුව (6)

2 වන ප්‍රශ්නය

සරල රේඛීය මාර්ගයක් ඔස්සේ වස්තුවක් 6 m s-1 ක නියත ප්‍රවේගයකින් ගමන් කරයි. තත්පර 5 ක් තුළ එහි විස්ථාපනය කොපමණද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

30 m. නියත ප්‍රවේගයකින් චලනය වන වස්තුවක ප්‍රවේගය අදාළ කාලයෙන් ගුණ කිරීමෙන් විස්ථාපනය ලැබේ:

විස්ථාපනය = ප්‍රවේගය × කාලය = 6 m s-1 × 5 s = 30 m

නියත ප්‍රවේගය යනු සෑම තත්පරයක් පාසා ම විස්ථාපනය 6 m බැගින් වෙනස් වන බවත්, චලිතයේ දිශාව ද නොවෙනස් ව පවතින බවත් ය. එබැවින් තත්පර 5 ක දී 5 × 6 = 30 m ලැබේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.