Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. පෘෂ්ඨවංශීන් 5 වන පිටුව (6)

ආවේස් — වාතයට හැඩගැසුණු

පියාසර කිරීම සඳහා ඉතා හොඳින් අනුවර්තනය වූ පක්ෂීන් අයත්වන වර්ගය මෙයයි.

පැස්බරා (විශාලම පක්ෂියා) ගුමන කුරුල්ලා (කුඩාම පක්ෂියා) වලි කුකුළා පෙන්ගුවින්

රූපයක් එක් කළ යුතුය

13.31 රූපය — ආවේස් විශේෂ කිහිපයක්: වලිකුකුළා, පැස්බරා සහ පෙන්ගුවින්.
  • ඉතා සැහැල්ලු අස්ථීමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි.
  • වාතයේ ගමන් කිරීම පහසු වන පරිදි දේහය අනාකූල හැඩයක් ගනී.
  • පිහාටුවලින් ආවරණය වූ සමක් දරයි. කොරල තිබුණ ද ඒවා අපර ගාත්‍රාවලට සීමා වී ඇත.
  • සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි. පූර්ව ගාත්‍රා පියාපත් බවට පත්ව ඇත.
  • ඇසිපිය සහිත, තියුණු දෘෂ්ටියක් ඇති ඇස් දරයි.
  • මුඛයේ දත් නොපිහිටයි. භෝජන රටාව අනුව සැකසුන හොටයක් සහිත ය.
  • හෘදය කුටීර 4 කි. කර්ණිකා දෙකක් හා කෝෂිකා දෙකක් ඇත.
  • අචලතාපී සතුන් ය — පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවේ.

සියල්ල බර අඩු කිරීමට ය

සැහැල්ලු අස්ථි, දත් වෙනුවට හොටයක්, අනාකූල හැඩය — ලක්ෂණ තුනක් ම එක ම ගැටලුව විසඳයි. දත් බර ය; හොටයක් එසේ නොවේ.