Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

වෛරස 2 වන පිටුව (4)

වෛරසයක් යනු කුමක්ද?

සමහර ජීවී ස්වරූප ජීවී හෝ අජීවී වස්තු ලෙස හඳුනාගැනීම අපහසු ය. නිදසුන — වෛරස.

රූපයක් එක් කළ යුතුය

8.16 රූපය — වෛරසයක ව්‍යූහය, ඉලෙක්ට්‍රෝන අණුවීක්ෂයෙන් පෙනෙන ආකෘතිමය රූපය: ප්‍රෝටීන් කොපුව, DNA, වලිගය සහ වලිග තන්තු.
කරුණ වෛරසය
ප්‍රමාණය බැක්ටීරියාවකින් 1000 කින් පංගුවක් පමණ
නිරීක්ෂණය ඉලෙක්ට්‍රෝන අණුවීක්ෂයෙන් පමණි
සෑදී ඇත්තේ න්‍යෂ්ටික අම්ලයක් හා ඒ වටා ප්‍රෝටීන් කොපුවකින්
න්‍යෂ්ටික අම්ලය DNA හෝ RNA
සෛලයක් ද? නැත — වෛරස සෛල ලෙස නොසැලකේ

"සෛලයක් නොවේ" යන්නෙන් අදහස් වන්නේ

මේ පරිච්ඡේදයේ පළමු ලක්ෂණය සෛලීය සංවිධානය බව සිහිපත් කරන්න. වෛරසයකට සෛල පටලයක් නැත, සයිටොප්ලාස්මයක් නැත, ඉන්ද්‍රියිකා නැත. එබැවින් අටෙන් පළමුවැන්න ම එයට නැත.

විවිධ හැඩයෙන් සහ විශාලත්වයෙන් යුතු වෛරස හඳුනාගෙන ඇත. මේවා පවතින අවස්ථාව අනුව ජීවී මෙන් ම අජීවී ලක්ෂණ ද පෙන්වති — "පවතින අවස්ථාව" යනු කුමක් ද යන්න ඊළඟ පිටුවේ දී පැහැදිලි වේ.