සෛලයක් තුළ දී පමණක් ජීවී
වෛරස තුළ කිසිදු පරිවෘත්තිය ක්‍රියාවක් සිදු නොවේ. ඒ, ඊට අදාළ ඉන්ද්‍රියිකා කිසිවක් වෛරසය තුළ නොමැති බැවිනි.
| ලක්ෂණය | සෛලයෙන් පිටත | සජීවී ධාරක සෛලයක් තුළ |
|---|---|---|
| සෛලීය සංවිධානය | නැත | නැත |
| පෝෂණය, ශ්වසනය, බහිස්ස්‍රාවය | නැත | නැත |
| ප්‍රජනනය | නැත | ඇත |
වෛරසයකට ක්‍රියාත්මක විය හැක්කේ සජීවී ධාරක සෛලයක් තුළ පමණි. ඉන් පිටත එය ස්ඵටිකයක් තරම් අක්‍රීය ය.
අමතර දැනුමට
වෛරස පෙන්වන එක ම ජීවී ලක්ෂණය ප්‍රජනනය යි. වෛරසයකට සුදුසු ධාරක සෛලයක් හමු වූ විට ධාරක සෛල පටලය බිඳ වෛරසයේ අඩංගු DNA හෝ RNA කොටස ධාරක සෛලයට මුදාහරී. එම සෛලය තුළ න්‍යෂ්ටික අම්ල කොටස ගුණනය වී නව වෛරස දහස් ගණනක් නිපදවේ. වෛරසයක් මෙසේ ජීවියකු ලෙස හැසිරෙන්නේ සජීවී සෛලයක් තුළ පමණි.
රූපයක් එක් කළ යුතුය
අටෙන් එකක් පමණි
ලක්ෂණ අටෙන් වෛරසයක් පෙන්වන්නේ එකක් පමණි — ප්‍රජනනය. එය ද තනිව නොව වෙනත් ජීවියෙකුගේ සෛලයක් ණයට ගෙන ය. එබැවින් වෛරසය ජීවී ද අජීවී ද යන්න වෙන් කර ගැනීමට අපහසු, සෛලීය නොවන ස්වරූපයකි.