Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

වෛරස 4 වන පිටුව (4)

වෛරස රෝග

වෛරසයකට තනිව කිසිවක් කළ නොහැකි වුව ද, ධාරක සෛලයක් තුළ දී එය රෝගයක් බවට පත් වේ.

ශාක වෛරස රෝග

  • මිරිස් කොළ කොඩවීම
  • කෙසෙල් වඳ පීදීම

සත්ත්ව වෛරස රෝග

  • ඩෙංගු
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • ඉන්ෆ්ලුවෙන්සා
  • AIDS

වෛරස රෝගවලින් වැළකීමට ඒ පිළිබඳ ව දැනුවත්වීම ඉතා වැදගත් ය. වෛරසයකට තනිව ජීවත් විය නොහැකි නිසා, එය පැතිරෙන මාර්ගය වළක්වා ගැනීම ම එය නැවැත්වීමට ප්‍රමාණවත් වේ.

පාරිභාෂික වචන

සෛලීය සංවිධානය Cellular organization
පෝෂණය Nutrition
ශ්වසනය Respiration
ප්‍රජනනය Reproduction
චලනය Movement
බහිස්ස්‍රාවය Excretion
සංවේදිතාව Sensitivity
උද්දීප්‍යතාව Irritability
සමායෝජනය Co-ordination
වර්ධනය හා විකසනය Growth & Development
වෘද්ධිමානය Auxanometer

පරිච්ඡේදයේ සාරාංශය

  • සෛලීය සංවිධානය, පෝෂණය, ශ්වසනය, උද්දීප්‍යතාව සහ සමායෝජනය, බහිස්ස්‍රාවය, චලනය, ප්‍රජනනය, වර්ධනය හා විකසනය ජීවීන්ගේ ලාක්ෂණික ලෙස සැලකිය හැකි ය.
  • ජීවියකුගේ මූලික සංවිධාන මට්ටම සෛලයයි. බහු සෛලික ජීවියකුගේ පටක, අවයව හා පද්ධති මට්ටමේ සංකීර්ණ සංවිධානයක් දක්නට ලැබේ.
  • ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණයයි; සෛල තුළ දී එයින් ශක්තිය නිපදවීම සෛලීය ශ්වසනයයි.
  • උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව උද්දීප්‍යතාවයි; ඒ සඳහා දේහ ක්‍රියාකාරිත්වය හැඩ ගැස්මේ ක්‍රියාවලිය සමායෝජනයයි.
  • පරිවෘත්තීය අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්ස්‍රාවයයි; සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ජීවීහු චලනය වෙති.
  • නව පරම්පරාවක් බිහිකිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනයයි. සෛල වර්ධනය යනු ප්‍රත්‍යාවර්ත නොවන වියළි බරෙහි වැඩිවීමයි; විකසනයේ දී සෛල යම් කෘත්‍යයක් සඳහා විශේෂණය වේ.
  • වෛරස යනු ජීවී ද අජීවී ද යන්න වෙන් කර ගැනීමට අපහසු සෛලීය නොවන ස්වරූපයකි.
  • සියලුම ජීවීන් පරිසරයේ පැවැත්මට හා සමතුලිතතාවට හේතු වේ.