Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

පරිච්ඡේදයේ සාරාංශය

මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.

  • ජෛවගෝලය තුළ ස්වභාවයෙන් ම ජීවීන්, භෞතික සාධක හා පරිසර තත්ත්ව අතර මනා සම්බන්ධතාවක් පවතී. මෙම හිතකර සම්බන්ධතාව පාරිසරික සමතුලිතතාව ලෙස හැඳින්වේ.
  • පාරිසරික සමතුලිතතාව බිඳ වැටීම සඳහා වැඩි වන ජනගහනය හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවේ.
  • ජෛවගෝලයේ පවතින සරලතම ස්වාභාවික සංවිධානය මට්ටම වන ඒකෙකයා, තවදුරටත් සංවිධානය වෙමින් පිළිවෙළින් ගහනය, ප්‍රජාව, පරිසර පද්ධතිය සහ අවසානයේ ජෛවගෝලය නිර්මාණය කරයි.
  • පරිසර පද්ධතිවල සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා ජීවීන් අතර ශක්තිය හා පෝෂක ස්වාභාවිකව ගලා යාම අත්‍යවශ්‍ය වේ.
  • ආහාර දාම, ආහාර ජාල, හා ජෛව භූ රසායනික චක්‍ර හරහා ශක්තිය හා පෝෂක ගලා යාම සිදුවේ.
  • මිනිසා විසින් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය හේතුවෙන් පාරිසරික සමතුලිතතාව බිඳ වැටීම පරිසර දූෂණයයි.
  • පරිසර දූෂණය සඳහා හේතු වන අපද්‍රව්‍ය අතර කෘෂි රසායනික ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, හරිතාගාර වායු, බැර ලෝහ, අංශුමය අපද්‍රව්‍ය (ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය, ශෝධනකාරක, ඖෂධ, විෂබීජනාශක, පවිත්‍රකාරක, සුවඳ විලවුන්) ආදිය ප්‍රධාන වේ.
  • පරිසර දූෂණය නිසා ඇති වී තිබෙන සෘජු බලපෑම් හා වක්‍ර බලපෑම් වර්තමානයේ මිනිසා විසින් අත් විඳිමින් සිටියි.
  • පාරම්පරික දැනුම හා තාක්ෂණික භාවිතය, ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිතය, අපද්‍රව්‍ය කළමනාකරණය, ශක්ති කළමනාකරණය, තිරසාර සංවර්ධනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වේ.