ඩවුන්ස් කෝෂය
කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් - විච්ඡේදනයේ දී සිදු වන ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා අප විසින් අධ්‍යයනය කරන ලදී. කාර්මික ව, විශාල පරිමාණයෙන් සෝඩියම් නිපදවීමට ඉහත ප්‍රතික්‍රියාව උපයෝගී කරගනු ලැබේ.
Na+ (l) + e → Na (l)
2Cl- (l) → Cl2 (g) + 2e
2Na+ (l) + 2Cl- (l) → 2Na (l) + Cl2 (g)
(1) කැතෝඩය අසල; (2) ඇනෝඩය අසල; (1) × 2 + (2) සමස්ත
මේ සඳහා පහත රූපයේ ආකාර විශේෂ විද්‍යුත් - විච්ඡේදන කෝෂයක් භාවිත කෙරේ. මෙම කෝෂය ඩවුන්ස් කෝෂය (Downs Cell) ලෙස හඳුන්වනු ලැබේ.
රූපයක් එක් කළ යුතුය
ද්‍රවාංකය අඩු කිරීම
අමුද්‍රව්‍යය ලෙස විලීන සෝඩියම් ක්ලෝරයිඩ් භාවිත වේ. ඝන සෝඩියම් ක්ලෝරයිඩ්, විලීන වන උෂ්ණත්වය 840 °C පමණ ඉහළ උෂ්ණත්වයකි. සෝඩියම් ක්ලෝරයිඩ්වලට 40% ක් පමණ කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කිරීමෙන්, මිශ්‍රණය විලීන වන උෂ්ණත්වය 600 °C දක්වා අඩු කර ගැනේ.
ඵල වෙන් කර තැබීම
ඇනෝඩයේ දී සෑදෙන ක්ලෝරීන් වායුව කැතෝඩයේ දී සෑදෙන සෝඩියම් සමඟ ගැටුණොත් කුමක් සිදු වේ ද? සෝඩියම් හා ක්ලෝරීන් ප්‍රතික්‍රියා කර නැවත සෝඩියම් ක්ලෝරයිඩ් සෑදෙනු ඇත. මෙය වැළැක්වීම සඳහා ඇනෝඩය සහ කැතෝඩය වානේ දැල් ප්‍රාචීරයකින් වෙන් කර ඇත. එමගින් සෝඩියම් හා ක්ලෝරීන් ප්‍රතික්‍රියා කර නැවත සෝඩියම් ක්ලෝරයිඩ් සෑදීම වැළකේ.
මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ දී අතුරු ඵලයක් ලෙස ක්ලෝරීන් වායුව ලැබේ. මෙම ක්ලෝරීන් වායුව ද විවිධ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගත හැකි ය.
කැල්සියම් ක්ලෝරයිඩ් ඇයි
විශාල කෝෂයක් 840 °C හි තබා ගැනීමට විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වන අතර එම උෂ්ණත්වයේ දී සෝඩියම් වාෂ්පශීලී වේ. ද්‍රවාංකය 600 °C දක්වා අඩු කිරීම ශක්තිය ඉතිරි කරන අතර කෝෂය ක්‍රියාත්මක කිරීම පහසු කරයි. කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කළ ද කැතෝඩයේ දී ඔක්සිහරණය වන්නේ Na+ අයන ම බැවින් ඵලය සෝඩියම් ලෙස ම පවතී.
ඩවුන්ස් කෝෂය
CaCl2 සමඟ 600 °C පමණ විලීන NaCl; මිනිරන් ඇනෝඩය ක්ලෝරීන් ද වානේ කැතෝඩය ද්‍රව සෝඩියම් ද දෙයි; වානේ දැලක් ඒවා වෙන් කර තබයි.