පෝෂී මට්ටම්
සෑම ජීවියකු ම ඔවුන් පෝෂණය ලබා ගන්නා ආකාරය අනුව යම් නිශ්චිත පෝෂී මට්ටමකට අයත් වේ. ආහාර දාමයේ පුරුක්, පෝෂී මට්ටම් ලෙස සැලකේ. ආහාර දාමයක පෝෂී මට්ටම් සංඛ්‍යාව නිශ්චිත ව කිව නොහැකි ය. බොහෝවිට පුරුක් පහකට අඩු සංඛ්‍යාවක් දරයි. කෙසේ වෙතත් අවසාන පුරුක ලෙස ක්‍රියාකරන්නේ මාංස භක්ෂක සත්ත්වයින් වන විලෝපික සත්ත්වයන් ය.
සියලු ම ජීවීන් පෝෂණ සපයා ගන්නා ආකාරය පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කළ හැකි ය. එනම්, ස්වයංපෝෂීන්, විෂමපෝෂීන් හා වියෝජකයින්.
ස්වයංපෝෂීන් — නිෂ්පාදකයින්
සරල අකාබනික සංඝටක, කාබනික සංයෝග බවට පත් කර පෝෂණය සපයා ගැනීමේ හැකියාව ඇති හරිත ශාක, ඇල්ගී, වැනි ජීවීන් හා ඇතැම් බැක්ටීරියා විශේෂ. පෝෂණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීම සඳහා භාවිත කරන ශක්ති ප්‍රභවය අනුව ප්‍රභාස්වයංපෝෂී (හරිත ශාක) හා රසායනික ස්වයංපෝෂී (සමහර බැක්ටීරියා) ලෙස කාණ්ඩ කළ හැකි ය.
විෂමපෝෂීන් — යැපෙන්නන්
තමාට අවශ්‍ය ආහාර තමා විසින් නිපදවා ගැනීමේ හැකියාව නැති, වෙනත් ජීවීන් විසින් නිපදවන ආහාර මත යැපෙන සතුන්. ප්‍රාථමික යැපෙන්නන් ශාක භක්ෂකයින් වන අතර නිෂ්පාදකයින් මත යැපේ; ද්විතීයික යැපෙන්නන් මාංස භක්ෂකයින් වේ, සර්වභක්ෂකයින් ද විය හැකි ය; තෘතීයික යැපෙන්නන් මාංස භක්ෂකයින් වේ.
වියෝජකයින්
මල ජීවී දේහවල හා මල ද්‍රව්‍යවල ඇති සංකීර්ණ කාබනික සංයෝග, සරල සංයෝග බවට බිඳ හෙළීමෙන් ශක්තිය ලබා ගන්නා මෘතෝපජීවීන් වන බැක්ටීරියා, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන්. සංකීර්ණ සංයෝග සරල බවට බිඳ හෙළීමේ ක්‍රියාවලිය වියෝජනය ලෙස හැඳින්වේ.
රූපයක් එක් කළ යුතුය
පැවරුම 15.4
පරිසරයේ සිටින ජීවීන් පෝෂණය ලබන විවිධ ආකාර නිරීක්ෂණය කරන්න. ඔවුන් අතර ඇති පෝෂණ සම්බන්ධතා ලියා දක්වන්න.
වියෝජකයින් චක්‍රය වසන්නේ ඇයි
වියෝජකයින් නොමැති ව මිය ගිය කොළ හා දේහ ගොඩ ගැසෙන අතර ඒවායේ රඳවා ඇති ඛනිජ කිසි විටෙක පසට නැවත නොඑයි; ශාකවලට නයිට්‍රජන් හා පොස්පරස් අවසන් වී සෑම දාමයක් ම එහි ආරම්භයේ දී නතර වේ. වියෝජකයින් සෑම මට්ටමක ම මළ දේ මත යැපෙන බැවින් ඔවුන් දාමයේ එක් තැනක නොසිටිති — අනෙක් සියල්ලන් ඉතිරි කරන දේ ප්‍රතිචක්‍රීකරණය කරති.
නිෂ්පාදකයින්, යැපෙන්නන්, වියෝජකයින්
ස්වයංපෝෂීන් ආහාර සාදයි; විෂමපෝෂීන් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික මට්ටම්වල එය කයි; වියෝජකයින් මළ දේ සරල සංයෝග බවට බිඳ හෙළයි.