Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — මිශ්‍රණ

සමජාතීය හා විෂමජාතීය මිශ්‍රණ 2 වන පිටුව (4)

මැටි ජලය හා ලුණු ජලය

එක ම ජල පරිමාවකින් එක ම ආකාරයට සාදන ලද මිශ්‍රණ දෙකකි. ඉන් එකක් පුරා ම එකාකාර බව පෙනී යන අතර අනෙක එසේ නොවේ.

ක්‍රියාකාරකම 3.1.3 — ජලයේ මැටි

බීකරයකට ජලය 500 ml පමණ ගන්න. එයට මැටි පස් 10 g පමණ දමා හොඳින් කලතා මිනිත්තුවක් පමණ නිශ්චල ව තබන්න. පසු ව වෙනත් බීකරයකට රෙදි කැබැල්ලකින් බොරපැහැ ජලය පෙරාගන්න. පැයක් පමණ නිශ්චල ව තබා මෙම ද්‍රාවණයේ බොර පැහැය ද්‍රාවණය පුරා ම ඒකාකාර ව පැතිරී ඇති දැයි බලන්න. ද්‍රාවණයේ පැහැදිලි බව ඉහළ සිට පහළට සමාන දැයි බලන්න.

රූපයක් එක් කළ යුතුය

මැටි ජලය සහිත බීකරයක්. ද්‍රවය පතුල දෙසට වඩාත් අඳුරු හා ඝන ව ද ඉහළ දී වඩාත් පැහැදිලි ව ද පෙනෙන අතර, එයින් මැටි පහළට තැන්පත් වීම පෙන්වයි.

ක්‍රියාකාරකම 3.1.4 — ජලයේ ලුණු

බීකරයකට ජලය 250 ml පමණ ගන්න. එයට පිරිසිදු ලුණු 10 g ක් පමණ දමා දිය වන තුරු හොඳින් කලතා රෙදි කැබැල්ලකින් පෙරාගන්න. පැයක් පමණ නිශ්චලව තබා ද්‍රාවණයේ පැහැදිලි බව ඉහළ සිට පහළට සමාන දැයි බලන්න. ඔබ 3.1.3 ක්‍රියාකාරකමෙහි කළ දෑ මෙම ද්‍රාවණයට ද සිදු කර බලන්න.

රූපයක් එක් කළ යුතුය

ලා මත තබා ඇති ලෝහ තහඩුවක් මත A හා B ලෙස ලකුණු කළ බිංදු දෙකක්; ඒවා අසල ඇති බීකරයේ ගැඹුරු දෙකකින් ලබා ගෙන ඇත.

පැයකට පසු දෙක පෙනෙන ආකාරය

ජලයේ මැටි

  • වර්ණය හා විනිවිද පෙනෙනසුලු බව තැනින් තැනට වෙනස් වේ
  • ඒකක පරිමාවක ඇති මැටි අංශු ප්‍රමාණය තැනින් තැන වෙනස් වේ

ජලයේ ලුණු

  • විනිවිද පෙනෙනසුලු බව ද්‍රාවණය පුරා ම එක සමාන වේ
  • ඒකක පරිමාවක ඇති ලුණු අංශු ප්‍රමාණය හැම තැනම සමාන වේ

තීරණය කරන පරීක්ෂණය

මතුපිට දීප්තිය ඇති ලෝහ තහඩු කැබැල්ලක් ගන්න. පිපෙට්ටුවක් හෝ විදුරු කුරක් ආධාරයෙන් ද්‍රාවණයේ A හා B ස්ථාන දෙකකින් ද්‍රවය ලබාගෙන තහඩුව මත එක සමාන බිංදු දෙකක් තබා වාෂ්පීකරණය කරන්න. එක් ස්ථානයකින් ගත් බිංදුවෙන් අනෙකට වඩා වැඩි අවශේෂයක් ඉතිරි වන්නේ නම්, එම මිශ්‍රණය පුරා ම එකාකාර නොවී ය.

මැටි ජලය හා ලුණු ජලය දෙක ම ඝන ද්‍රව්‍යයක් හා ජලය මිශ්‍ර වූ මිශ්‍රණ වන අතර, ඒවා එක ම වර්ගයේ මිශ්‍රණ නොවේ. වෙනස වන්නේ සංයුතිය එහි හැම තැනම සමාන ද යන්නයි.