නියම දෙක
වර්තනයේ දී ආලෝක කිරණ ගමන් කිරීම පිළිබඳව නියම දෙකක් හඳුනාගෙන ඇත.
පළමුවන නියමය
පතන කිරණය, වර්තන කිරණය සහ පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්බය එක ම තලයක පිහිටයි.
දෙවන නියමය — ස්නෙල්ගේ නියමය
ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට වර්තනය වීමේ දී පතන කෝණයේ සයිනයත් වර්තන කෝණයේ සයිනයත් අතර අනුපාතය එම මාධ්‍ය දෙක මත පමණක් රඳා පවතින නියතයකි.
මෙම නියතය හඳුන්වන්නේ පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය (refractive index) ලෙසයි.
නියම දෙකෙහි ම එකම තලය
වර්තනයේ පළමු නියමය පරාවර්තනයේ පළමු නියමයට සමාන ය: කිරණ හා අභිලම්බය එකම තලයක පිහිටයි. වෙනස් වන්නේ දෙවන නියමය යි.