Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1. යාන්ත්‍රික තරංග 1 වන පිටුව (2)

ස්ලින්කියක් දිගේ තරංගයක්

තරංග චලිතය ස්ලින්කියක් මගින් ආදර්ශනය කළ හැකි ය. ස්ලින්කියක් යනු වානේ කම්බියකින් තැනූ දඟරයකි.

රූපයක් එක් කළ යුතුය

4.3 රූපය — මේසයක් මත දිගු කර ඇති ස්ලින්කියක්, එක් කෙළවරක් අතකින් අල්ලා ඇත.

4.1 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: ස්ලින්කියක්

  • දිග මේසයක් මත ස්ලින්කියක් තබන්න.
  • ස්ලින්කියේ එක් කෙළවරක් අතින් අල්ලා මේසයේ තලය මත දෙපසට චලනය කරන්න.

රූපයක් එක් කළ යුතුය

4.4 රූපය — මේසයක් මත ස්ලින්කියක් දිගේ තරංගයක් ගමන් කිරීම; ඊතලයකින් තරංගයේ චලිත දිශාව දැක්වේ.

නිරීක්ෂණය

ස්ලින්කිය දිගේ අතින් ඉවතට තරංගයක් ගමන් කරන බව දැක ගත හැකි ය.