1 වන ප්‍රශ්නය
කංකාල පේශි තන්තුවක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
එය විලේඛ දරයි. කංකාල පේශි තන්තු දිගු, සිලින්ඩරාකාර, ශාඛන නොවූ, බහු න්‍යෂ්ටික හා හරස් විලේඛ සහිත ය.
මෙය පරිච්ඡේදයේ අභ්‍යාසයේ 1(iv) ප්‍රශ්නය යි. තර්කුරූපී හා ඒක න්‍යෂ්ටික යන්නෙන් සිනිඳු පේශිය විස්තර වේ; කිසිදා විඩාවට පත් නොවීමෙන් හෘත් පේශිය විස්තර වේ.