ගිගුරුම් හඬට පෙර විදුලි එළිය
ඈත ඇති වන විදුලි කෙටීමකින් නිකුත් වන ගිගුරුම් හඬ අපට ඇසෙන්නේ විදුලි එළිය දිස්වීමෙන් ටික වේලාවකට පසුවයි — දෙක ම එකම මොහොතේ සිදු වුවත්.
රූපයක් එක් කළ යුතුය
විදුලි කෙටීම නිසා ඉන් නිකුත් වූ ආලෝකය අප වෙත ගමන් කොට අපේ ඇසට ඇතුළු වූ විට විදුලි කෙටීම අපට දිස් වේ. ආලෝකය 300 000 km s-1 (3 × 108 m s-1) වේගයකින් ගමන් කරයි. එම නිසා එය අපට දිස්වීමට යන්නේ ඉතාමත් කෙටි කාලයකි.
ගිගුරුම් හඬ ඇසීමට ස්වල්ප වේලාවක් ගත වන්නේ සිද්ධිය ඇති වන තැන සිට අප වෙතට ඇති දුර ගමන් කිරීමට ධ්වනියට, ආලෝකයට වඩා වැඩි කාලයක් ගත වන නිසා ය.
එය කොපමණ දුරින් ද?
විදුලි එළිය හා ගිගුරුම් හඬ අතර තත්පර ගණන් කරන්න. ධ්වනිය තත්පරයකට මීටර 330ක් පමණ ගමන් කරන නිසා තත්පර 3ක පරතරයක් යනු විදුලිය කිලෝමීටරයක් පමණ දුරින් වැදුණු බව යි.