ශීර්ෂ හා නිම්න
ඕනෑ ම මොහොතක තීර්යක් තරංගයක ඉහළ ලක්ෂ්‍ය හා පහළ ලක්ෂ්‍ය ඇත. ඉහළ ම ඒවා ශීර්ෂ ද, පහළ ම ඒවා නිම්න ද වේ.
රූපයක් එක් කළ යුතුය
ශීර්ෂය
A සහ B ලක්ෂ්‍යවල ඇති අංශු ඉහළ දිශාවට ගමන් කළ හැකි උපරිම දුර ගමන් කර ඇත. තරංගයක එවැනි ස්ථාන ශීර්ෂ ලෙස හැඳින්වේ.
නිම්නය
C හා D හි ඇති අංශු පහළ දිශාවට උපරිම දුර ගමන් කර ඇත. තරංගයක එවැනි ස්ථාන නිම්න ලෙස හැඳින්වේ.
ශීර්ෂ හා නිම්න ජලය සමඟ ගමන් නොකරයි
ශීර්ෂයක් යනු ස්ථානයකි, ජල ගොඩක් නොවේ. ශීර්ෂයක් යට ඇති ජලය මොහොතකට පසු නැවත පහළට යන අතර, ශීර්ෂය ඊළඟ ස්ථානයේ — වෙනත් ජලයකින් — දිස් වේ.