අංකුර බද්ධය
ශාකයක අංකුරයක් අනුජය ලෙස තෝරාගෙන ග්‍රාහකයකට බද්ධ කිරීම අංකුර බද්ධය ලෙස හැඳින්වේ.
එය සිදුකරන ආකාරය පහත දැක්වේ:
- සජීවී අංකුරයක් බද්ධ පිහියක් ආධාරයෙන් කපා වෙන් කර ගැනීම. (ශාකවල කඳේ පත්‍ර ලපයට ඉහළින් පිහිටා ඇත.)
- ඉන්පසු ග්‍රාහකයේ කැපුමක් යොදා කැපුම තුළට අංකුරය ඇතුළු කිරීම.
- එම ස්ථානය පොලිතීන් පටිවලින් පහළ සිට ඉහළට වෙළීම.
- ටික දිනකට පසු අංකුරය කොළ පාටින් වර්ධනය වන අවස්ථාවේ දී එම වෙළුම ලිහා අංකුරය පිටතට සිටින සේ තබා නැවත වෙළීම.
- සති තුනකට පමණ පසු අංකුරය හොඳින් වර්ධනය වී ඇත්නම් බද්ධ කළ ස්ථානයට 15 cm පමණ ඉහළින් ග්‍රාහකයේ කඳ කපා ඉවත් කිරීම. (එවිට නව අංකුර හොඳින් වර්ධනය වේ.)
රූපයක් එක් කළ යුතුය
ග්‍රාහක කඳේ යොදන කැපුමේ හැඩය අනුව අංකුර බද්ධය නම් කරනු ලැබේ.
නිදසුන් — T බද්ධය, H බද්ධය, V බද්ධය.
ග්‍රාහකයේ කඳ අන්තිමට ම කපන්නේ ඇයි
ග්‍රාහකයේ කඳ කපා ඉවත් කිරීමෙන් සිදු වන්නේ මුල් ඉහළට එවන සියල්ල බද්ධ කළ එක ම අංකුරයට යොමු වීම ය. ඉක්මන් වැඩියෙන් එය කළහොත් අංකුරය තව ම එය භාවිත කරන තරම් ස්ථාවර නොවේ. සති තුනක් බලා සිටින්නේ, අංකුරය හොඳින් වැඩී ඇති බව පෙනෙන තෙක්, එබැවිනි.