රිකිලි බද්ධය
ශාක රිකිල්ලක් අනුජය ලෙස තෝරාගෙන ග්‍රාහකයකට සම්බන්ධ කිරීම රිකිලි බද්ධය ලෙස හැඳින්වේ.
එය සිදුකරන ආකාරය පහත දැක්වේ:
- ඵල දරන ශාකයකින් රිකිල්ලක් තෝරා ගැනීම. (දැනට දළු, මල් හෝ ඵල නොදරන රිකිල්ලක් වඩාත් යෝග්‍ය වේ.)
- කැපුම් ස්ථානය තුවාල නොවන පරිදි රිකිල්ල කපා වෙන් කර ගැනීම.
- කැම්බියම ස්පර්ශ වන පරිදි රිකිල්ල ග්‍රාහකයට සම්බන්ධ කිරීම.
- එම ස්ථානය පොලිතීන් පටිවලින් පහළ සිට ඉහළට වෙළීම.
- රිකිල්ල වර්ධනය වන බව නිරීක්ෂණය වූ විට වෙළුම ලිහා ඉවත් කිරීම.
රූපයක් එක් කළ යුතුය
ග්‍රාහකයේ සහ අනුජයේ කෙළවරවල් කපා ගන්නා හැඩය අනුව රිකිලි බද්ධය ක්‍රම කිහිපයකට සිදු කරයි.
නිදසුන් — ආරුක්කු බද්ධය, කුෂ්ඨ බද්ධය.
ක්‍රියාකාරකම 14.3
ඔබේ ගුරුතුමා හෝ ගුරුතුමියගේ සහාය ඇති ව අංකුර හෝ රිකිලි බද්ධයක් සිදු කිරීමට උත්සාහ කරන්න. බද්ධ පිහියක් සපයාගත නොහැකි නම් මුවහත් පිහිතලයක් යොදා ගන්න.
ශාක බද්ධ කිරීම මගින් පහත සඳහන් වාසි අත් කර ගත හැකි ය:
- අනුජයට හිමි ලක්ෂණ සහිත දුහිතෘ ශාක ලබාගැනීමට හැකි වීම;
- ශක්තිමත් මූල පද්ධතියක් සහිත රෝගවලට ප්‍රතිරෝධී ශාක ලබාගත හැකි වීම;
- බීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාක බෝ කරගත හැකි වීම.
අවාසි
- ආයු කාලය කෙටි වීම;
- සියලු ම ශාකවලට බද්ධ කිරීම කළ නොහැකි වීම;
- දැවමය වටිනාකම අඩු වීම;
- කන්නයක දී ලැබෙන සාපේක්ෂ ඵලදාව අඩු වීම.