Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.1. කාබොහයිඩ්‍රේට (Carbohydrates) 13 වන පිටුව (15)

13 වන ප්‍රශ්නය

පෝෂණීය වටිනාකමක් නැතත් සෙලියුලෝස් මානව ආහාරයට වැදගත් වන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මිනිස් ජීරණ පද්ධතිය තුළ සෙලියුලෝස් ජීරණයට ලක් නොවේ; එබැවින් එයින් පෝෂක ලැබෙන්නේ නැත. එහෙත් එය මලබද්ධය වැළැක්වීමට උදව් වේ. ආහාරවල ඇති තන්තු යනු මෙයයි.

සෙලියුලෝස් පවතින්නේ ශාක සෛල බිත්තියේ හා ශාක තුළ පිහිටි තන්තුවල ය. එහි තැනුම් ඒකකය පිෂ්ටයේ මෙන් ම ග්ලූකෝස් වුව ද, ඒවා සම්බන්ධ වී ඇත්තේ මිනිස් එන්සයිමවලට බිඳිය නොහැකි ආකාරයකට ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.