Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.7. රසායනික සූත්‍ර 2 වන පිටුව (5)

පළමු මූලද්‍රව්‍ය විස්සේ සංයුජතා

පළමු මූලද්‍රව්‍ය විස්සට තිබිය හැකි සංයුජතා.

පරමාණුක ක්‍රමාංකය මූලද්‍රව්‍යය සංකේතය සංයුජතාව
1 හයිඩ්‍රජන් (Hydrogen) H 1
2 හීලියම් (Helium) He 0
3 ලිතියම් (Lithium) Li 1
4 බෙරිලියම් (Beryllium) Be 2
5 බෝරෝන් (Boron) B 3
6 කාබන් (Carbon) C 4
7 නයිට්‍රජන් (Nitrogen) N 3
8 ඔක්සිජන් (Oxygen) O 2
9 ෆ්ලුවෝරීන් (Fluorine) F 1
10 නියෝන් (Neon) Ne 0
11 සෝඩියම් (Sodium) Na 1
12 මැග්නීසියම් (Magnesium) Mg 2
13 ඇලුමිනියම් (Aluminium) Al 3
14 සිලිකන් (Silicon) Si 4
15 පොස්ෆරස් (Phosphorus) P 5, 3
16 සල්ෆර් (Sulphur) S 6, 2
17 ක්ලෝරීන් (Chlorine) Cl 7, 1
18 ආගන් (Argon) Ar 0
19 පොටෑසියම් (Potassium) K 1
20 කැල්සියම් (Calcium) Ca 2

3.6 වගුව — පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා මූලද්‍රව්‍යවලට තිබිය හැකි සංයුජතා.

සැලකිය යුතු කරුණු දෙකක්

උච්ච වායුවල සංයුජතාව 0 ය. හීලියම්, නියෝන් හා ආගන් සංයෝජනය නොවන බැවින් ඒවායේ සංයෝජනය වීමේ හැකියාව ශුන්‍ය ය.

සමහරකට අගයන් දෙකකි. පොස්ෆරස් 5 හෝ 3; සල්ෆර් 6 හෝ 2; ක්ලෝරීන් 7 හෝ 1. සංයුජතා එකකට වඩා ඇති මූලද්‍රව්‍ය මේවා ය.