6 වන ප්‍රශ්නය
බෙරිලියම් ක්ලෝරයිඩ් හි රසායනික සූත්‍රය කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
BeCl2 ය. බෙරිලියම්වල (Beryllium, Be) සංයුජතාව 2 ද ක්ලෝරීන්වල 1 ද වේ. මාරු කර ලිවීමේ දී 2 ක්ලෝරීන්වලට ද 1 බෙරිලියම්වලට ද යයි.
ක්ලෝරීන්වල සංයුජතාව 7, 1 ලෙස දක්වා ඇත — මෙහි දී එය ක්‍රියා කරන්නේ සංයුජතාව 1 ලෙස ය; සෑම ක්ලෝරයිඩයක ම එසේ ය. කැල්සියම් ක්ලෝරයිඩ් ද එසේ ම ය: Ca 2 ද Cl 1 ද වන බැවින් CaCl2 ලැබේ.