Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — සම්ප්‍රයුක්ත බලය

9.2. ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය 7 වන පිටුව (12)

7 වන ප්‍රශ්නය

තිරස් තලයක තබා ඇති පෙට්ටියක් ළමුන් දෙදෙනෙකු තල්ලු කරති. එක් අයෙක් වමේ සිට දකුණට 15 N බලයක් ද, අනෙකා දකුණේ සිට වමට 11 N බලයක් ද යොදයි. මෙම බල දෙකේ සම්ප්‍රයුක්තය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

4 N, දකුණට. බල විරුද්ධ අතට ය, එබැවින් වෙනස ගනිමු: 15 N − 11 N = 4 N. විශාල බලය දකුණට වන බැවින් දිශාව ද දකුණට ය.

26 N යනු බල දෙක එකතු කිරීමේ ප්‍රතිඵලයයි — එය නිවැරදි වන්නේ දෙක ම එක ම අතට යෙදුවහොත් පමණි. දිශාව වමට යැයි කීම විශාල බලය කුමක් ද යන්න පිළිබඳ ව වැරදීමකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.