Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 17 පරිච්ඡේදය — ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

17.1. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය 2 වන පිටුව (4)

බුබුළු පෙන්වූ දේ

නළ තුනේ ම එකම ප්‍රතික්‍රියාව සිදු වේ — මැග්නීසියම් අම්ලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව නිදහස් කරයි.

මැග්නීසියම් + හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් → මැග්නීසියම් ක්ලෝරයිඩ් + හයිඩ්‍රජන්

Mg + 2HCl → MgCl2 + H2

නිරීක්ෂණය

වැඩිපුර HCl අම්ලය එකතු කළ අවස්ථාව, එනම් HCl සාන්ද්‍රණය වැඩි අවස්ථාවේ, වායු බුබුළු පිටවීමේ ශීඝ්‍රතාව වැඩි බව නිරීක්ෂණය වේ.

නළය HCl අම්ල පරිමාව බුබුළු පිටවීමේ ශීඝ්‍රතාව
1 2.5 ml අවම
2 5.0 ml මධ්‍යම
3 7.5 ml වැඩි ම

නිගමනය

HCl සාන්ද්‍රණය වැඩි වෙත් ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වේ.