Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.4. ලෝහ නිස්සාරණය 3 වන පිටුව (7)

ධාරා ඌෂ්මකය

මිනිසාගේ ජීවිතයට ඉතා වැදගත් වූ ලෝහයක් වන යකඩ සක්‍රියතා ශ්‍රේණියේ මැදට වන්නට පිහිටි ලෝහයකි. එබැවින් එය ඔක්සිහරණ ක්‍රමයෙන් නිස්සාරණය කෙරේ.

අමුද්‍රව්‍යය

යකඩ නිස්සාරණය කරනුයේ පසින් ලබාගන්නා යපස්වලිනි. යපස්වල ඇති යකඩ අඩංගු ප්‍රධාන සංඝටකය හීමටයිට් (Fe2O3) නම් වේ.

රූපයක් එක් කළ යුතුය

16.1 රූපය — ධාරා ඌෂ්මකය; ඉහළින් ඇතුළු කරන හුණුගල් + කෝක් + හීමටයිට්, අපවායු පිටවුම, ගිනිගඩොල් බිත්ති, උණුසුම් වායු ධාරා, ලෝබොර සහ ද්‍රව යකඩ පිටවුම්.

ඌෂ්මකයේ විස්තර

මෙය 60 m පමණ උස වූ විශේෂ පෝරණුවකි.

ඉහළින් අමුද්‍රව්‍ය ඇතුළු කරන අතර පහළින් 650 °C පමණ උෂ්ණත්වයකට රත් කර ඇති වායු ධාරා ඇතුළු කරයි.

ඌෂ්මකයක් තුළ උෂ්ණත්වය 1000 °C – 1900 °C අතර පරාසයක පවතී.

අමුද්‍රව්‍ය තුනකි

අමුද්‍රව්‍යය සූත්‍රය කාර්යය
හීමටයිට් Fe2O3 යකඩ අඩංගු ප්‍රධාන සංඝටකය
හුණුගල් CaCO3 අපද්‍රව්‍ය ලෝබොර ලෙස ඉවත් කිරීමට
කෝක් C ඔක්සිහාරකය වන CO නිපදවීමට

ඒවා අවශ්‍ය අනුපාතයට මිශ්‍ර කර සියුම් ව කුඩු කර ඌෂ්මකයේ ඉහළින් ඇතුළු කරයි. මෙසේ ඇතුළු කරන තාපය නිසා ඌෂ්මකය තුළ ප්‍රතික්‍රියා කිහිපයක් සිදු වෙමින් ද්‍රව යකඩ ලැබේ.