මැග්නීසියම්
මැග්නීසියම් (Magnesium, Mg) ද ප්‍රතික්‍රියාශීලී සැහැල්ලු ලෝහයකි. සෝඩියම් මෙන් ම එය ද නිදහස් ලෝහය ලෙස ස්වභාවයේ නොපවතී.
මුහුදු ජලයේ එය මැග්නීසියම් ක්ලෝරයිඩ් ලෙස පවතී. වාතයට විවෘත ව ඇති විට මලින වන නිසා දීප්තියක් දැකිය නොහැකි ය — එහෙත් වැලි කඩදාසියකින් මැදගත් විට දීප්තිය දැක ගත හැකි වේ.
රූපයක් එක් කළ යුතුය
භෞතික ගුණ
- ජලයට වඩා ඝනත්වය වැඩි ය — ඝනත්වය 1740 kg m−3.
- ඉහළ තාප හා විද්‍යුත් සන්නායකයකි.
සෝඩියම් සමඟ සසඳන්න
සෝඩියම් ජලය මතු පිට පා වේ; මැග්නීසියම් ගිලෙයි. දෙක ම සැහැල්ලු ලෝහ ලෙස හැඳින්වුව ද, ජලයට වඩා ඝනත්වය අඩු වන්නේ ඉන් එකකට පමණි.
රසායනික ගුණ
- වාතයේ රත් කළ විට මැග්නීසියම් ලෝහය දීප්තිමත් සුදු දැල්ලක් ඇති කරමින් දැවී සුදු පැහැති මැග්නීසියම් ඔක්සයිඩය සාදයි.
- සිසිල් ජලය සමඟ ප්‍රතික්‍රියාවක් නොදක්වයි; එහෙත් උණු ජලය සමඟ ප්‍රතික්‍රියා කර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සාදයි.
- හුමාලය තුළ රත් කළ විට මැග්නීසියම් ඔක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සෑදේ.
- තනුක අම්ල සමඟ ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර අදාළ මැග්නීසියම් ලවණය හා හයිඩ්‍රජන් වායුව සාදයි.
භාවිත අවස්ථා
- ඇලුමිනියම් සහ මැග්නීසියම් මිශ්‍ර කිරීමෙන් මැග්නේලියම් නම් මිශ්‍ර ලෝහය සාදයි — එය ශක්තිමත්, සැහැල්ලු, විඛාදනයට ඔරොත්තු දෙන ලෝහයකි. ගුවන්යානා නිපදවීමට හා රථවාහන කොටස් තැනීමට භාවිත කරයි.
- ඖෂධ නිපදවීම (මැග්නීසියම් ක්ෂීරය — milk of magnesia).
- විඛාදනය වැළැක්වීම සඳහා කැපවෙන ලෝහයක් ලෙස භාවිත කිරීම.