සල්ෆර්
සල්ෆර් (Sulphur, S) — සාමාන්‍ය ව්‍යවහාරයේ දී ගෙන්දගම් නමින් ද හැඳින්වේ — ස්වභාවයේ විවිධ ස්වරූපවලින් පවතී. එයින් ඉගෙන ගැනීම වටින වචනයක් ලැබේ.
බහුරූපී ආකාර (allotropes)
කිසියම් මූලද්‍රව්‍යයක් ස්වභාවයේ විවිධ ස්වරූපවලින් ඇති විට, ඒවා එම මූලද්‍රව්‍යයේ බහුරූපී ආකාර ලෙස හැඳින්වේ.
සල්ෆර් බිඳෙනසුලු කහ පැහැති ස්ඵටික ලෙස ද, සුදු පැහැති කුඩු වැනි අස්ඵටික ස්වරූපයෙන් ද පවතී. එය ස්වභාවයේ නිදහස් මූලද්‍රව්‍යය ලෙස මෙන් ම සල්ෆේට්, සල්ෆයිඩ් වැනි සංයෝග ලෙස ද හමු වේ. ජීවීන්ගේ දේහ තුළ ඇති සමහර ඇමයිනෝ අම්ලවල සංඝටක මූලද්‍රව්‍යයකි. පැහැදිලි ලෙස අලෝහ ගුණ දක්වයි.
රූපයක් එක් කළ යුතුය
භෞතික ගුණ
- ස්ඵටිකරූපී ආකාරය කහ පැහැති ය.
- ජලයේ අද්‍රාව්‍ය ය. කාබනික ද්‍රාවකවල සුළු වශයෙන් ද, කාබන් ඩයිසල්ෆයිඩ් ද්‍රාවකයේ ඉතා හොඳින් ද දිය වේ.
රසායනික ගුණ
- සල්ෆර් නිල් දැල්ලක් සහිත ව වාතයේ දැවී සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සාදයි.
- බොහෝ ලෝහ සල්ෆර් සමඟ රත් කළ විට ලෝහයේ සල්ෆයිඩය සෑදේ.
භාවිත අවස්ථා
- සල්ෆියුරික් අම්ලය නිපදවීමට.
- රබර් වල්කනයිස් කිරීමට.
- කැල්සියම් හා මැග්නීසියම් සල්ෆයිට සෑදීමට (මේවා ලී පල්ප විරංජනය සඳහා භාවිත වේ).
- සල්ෆයිඩ් අඩංගු සායම් වර්ග, කාබන් ඩයිසල්ෆයිඩ් වැනි ද්‍රාවක, සල්ෆර් ඩයොක්සයිඩ් වායුව, ගිනිකූරු, රතිඤ්ඤා හා වෙඩි බෙහෙත් නිපදවීමට.
- වයින් හා බීර නිපදවීමේ දී ද, දිලීර නාශකයක් ලෙස ද, ඖෂධ වර්ග නිපදවීමට ද.