Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

7.2. සාපේක්ෂ අණුක ස්කන්ධය 2 වන පිටුව (5)

සාපේක්ෂ අණුක ස්කන්ධය යනු කුමක්ද?

නිර්වචනය 7.1 කොටසේ එක ම වේ — "පරමාණුවක" යන්න වෙනුවට "අණුවක" යැයි කියවන්න.

සාපේක්ෂ අණුක ස්කන්ධය (Mr)

මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය, 12C සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 1/12 ක් මෙන් කී වාරයක් වේ ද යි දක්වන සංඛ්‍යාව එම මූලද්‍රව්‍යයේ හෝ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය යි.

Mr = අණුවක ස්කන්ධය ÷ (1/12 × 12C පරමාණුවක ස්කන්ධය)

නිදසුන 1 — කාබන් ඩයොක්සයිඩ්

ගැටලුව

කාබන් ඩයොක්සයිඩ් (CO2) අණුවක සැබෑ ස්කන්ධය 7.31 × 10-23 g වේ. කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධය 1.99 × 10-23 g වේ. CO2 හි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න.

විසඳුම

Mr = CO2 අණුවක ස්කන්ධය ÷ (1/12 × 12C පරමාණුවක ස්කන්ධය)

= (7.31 × 10-23 g) ÷ (1/12 × 1.99 × 10-23 g)

= 44

නිදසුන 2 — ජලය

ගැටලුව

ජල අණුවක (H2O) ස්කන්ධය 2.99 × 10-23 g කි. පරමාණුක ස්කන්ධ ඒකකය 1.67 × 10-24 g වේ. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න.

විසඳුම

Mr = ජල අණුවක ස්කන්ධය ÷ පරමාණුක ස්කන්ධ ඒකකය

= (2.99 × 10-23 g) ÷ (1.67 × 10-24 g)

= 18

මෙයට ද ඒකකයක් නැත

සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මෙන් ම සාපේක්ෂ අණුක ස්කන්ධයට ද ඒකකයක් නැත. ලවයේ ද හරයේ ද ඇත්තේ ස්කන්ධ ය, එබැවින් ග්‍රෑම් කැපී යයි.