ස්ථීර ප්‍රතිරෝධක
ප්‍රතිරෝධක වෙනස් කාර්යයන් කිහිපයක් සඳහා වර්ග කිහිපයකින් නිපදවනු ලැබේ. මෙහි දී ඉන් තුනක් වැදගත් වේ.
ස්ථීර ප්‍රතිරෝධක
සෑදූ විට නියම කළ එක් අගයක්, එය වෙනස් කළ නොහැකි ය.
විචල්‍ය ප්‍රතිරෝධක
ඔබට අවශ්‍ය ඕනෑ ම විටෙක අගය වෙනස් කළ හැකි ලෙස සාදා ඇත.
ආලෝක සංවේදී ප්‍රතිරෝධක
ඒ මතට වැටෙන ආලෝකය කොපමණ ද යන්නට අනුව අගය තමන් ම වෙනස් වේ.
ස්ථීර ප්‍රතිරෝධකයක් සාදන ආකාරය
පරිවාරක ද්‍රව්‍යයක් මත තුනී කාබන් පටල තැන්පත් කිරීමෙන් හෝ නික්‍රෝම් කම්බි වැනි ප්‍රතිරෝධකතාව ඉහළ ද්‍රව්‍ය එතීමෙන් හෝ විවිධ අගයන්ගෙන් යුත් ස්ථීර ප්‍රතිරෝධක නිපදවනු ලැබේ. මේවායේ අගය වෙනස් කළ නොහැකි ය.
රූපයක් එක් කළ යුතුය
පරිපථ සංකේතය
රූපයක් එක් කළ යුතුය
අගය වර්ණවලින් එහි මුද්‍රණය කර ඇත
ප්‍රතිරෝධකයක් "ඕම් 1000" යනුවෙන් ලිවීමට තරම් කුඩා නිසා, ඒ වෙනුවට අගය වර්ණ වළලුවලින් යෙදේ. ඒවා කියවීම ඊළඟ පිටු දෙකේ විෂයය යි.