ඒකාකාර වේගය
වස්තුවක් ආරම්භක ස්ථානයේ සිට ගමන් කළ දුර, කාලය සමඟ වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ.
| කාලය t (s) | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 |
|---|---|---|---|---|---|---|---|
| ගමන් කළ දුර d (m) | 0 | 3 | 6 | 9 | 12 | 15 | 18 |
තත්පරයෙන් තත්පරයට බලමු
නිරීක්ෂණය
මුල් තත්පරය තුළ ගමන් කළ දුර = 3 − 0 = 3 m
දෙවන තත්පරය තුළ ගමන් කළ දුර = 6 − 3 = 3 m
තුන්වන තත්පරය තුළ ගමන් කළ දුර = 9 − 6 = 3 m
ඉතිරි තත්පර සඳහා ද එසේ ම 3 m බැගින් ය.
එනම්, වස්තුව සෑම තත්පරයක් පාසා ම ගමන් කර ඇත්තේ එක ම දුරකි. එවිට අපි වස්තුවට ඒකාකාර වේගයක් නැතහොත් නියත වේගයක් ඇතැයි කියමු.
වේගය ගණනය
වේගය = 18 m ÷ 6 s = 3 m s−1
ඒකාකාර චලිතයක දී මුළු දුර මුළු කාලයෙන් බෙදුව ද, එක් තත්පරයක් ගත්ත ද, එක ම පිළිතුර ලැබේ. ඒකාකාර යනු එයයි.