4 වන ප්‍රශ්නය
වාහනයක් කොළඹ ආසන්නයේ ස්ථානයක සිට පේරාදෙණිය දක්වා කිලෝමීටර 100 ක දුරක් පැය 2 ක් තුළ දී ගමන් කරයි. එම වාහනයේ සාමාන්‍ය වේගය කොපමණද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
පැයට කිලෝමීටර 50. මුළු දුර, ගත වූ මුළු කාලයෙන් බෙදීමෙන් සාමාන්‍ය වේගය ලැබේ:
සාමාන්‍ය වේගය = 100 km ÷ 2 h = 50 km h-1
මෙවැනි දිගු ගමනක දී වාහනයට මුළු දුර ම එක ම වේගයකින් ගමන් කළ නොහැකි ය — මාර්ග තදබදය, පාර පනින මගීන් සහ නැවතුම් නිසා වේගය නිතර වෙනස් වේ. එහෙත් සාමාන්‍ය වේගය ගණනය කිරීමට අවශ්‍ය වන්නේ මුළු දුර සහ මුළු කාලය පමණි.