1 වන ප්‍රශ්නය
බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් ජලය වන්නේ කොපමණ ප්‍රමාණයක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් 2/3 ක් පමණ ජලය වේ.
ජීවී දේහය තුළ ඇති බහුලතම අකාබනික සංයෝගය ජලය ය; සජීව පදාර්ථයේ පැවැත්ම සඳහා එය අත්‍යවශ්‍ය මාධ්‍යයකි. පෘථිවියෙහි ජීවය සම්භවය වී ඇත්තේ ද ජලයේ ය.