Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.5. ජලය (Water) 2 වන පිටුව (8)

2 වන ප්‍රශ්නය

සෛල තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සැපයීමට ජලයට හැකි වන්නේ එහි කුමන සුවිශේෂී ගුණය නිසාද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලය ඉතා හොඳ ද්‍රාවකයකි. එම එක් ගුණයෙන් කාර්යයන් තුනක් ඉටු වේ: සෛල තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සැපයීම, සියලු ම බහිස්සෛලීය තරලවල ප්‍රධාන සංඝටකය වීම හා සත්ත්වයන්ට මලද්‍රව්‍ය පිට කිරීම පහසු කිරීම.

අනෙක් විකල්ප කරුණු අනුව වැරදි ය. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව අධික ය; අයිස්වලට වඩා ජලය ඝන ය — අයිස් පාවෙන්නේ එබැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.