Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

අවශෝෂණය හා මහාන්ත්‍රය 1 වන පිටුව (3)

අවශෝෂණයට අනුවර්තනය

ආහාර ජීරණයේ අන්තඵල දේහයට අවශෝෂණය කිරීම ප්‍රධාන වශයෙන් ම සිදුවනුයේ ක්ෂුද්‍රාන්ත්‍රයේ දී ය. අවශෝෂණ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට ක්ෂුද්‍රාන්ත්‍රය පහත සඳහන් ලෙස අනුවර්තනය වී ඇත.

  • ක්ෂුද්‍රාන්ත්‍රය ඉතා දිගු වීම.
  • ක්ෂුද්‍රාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිය මත වෘත්තාකාර නැමුම් හෙවත් නෙරීම් පිහිටා තිබීම.
  • අභ්‍යන්තර බිත්තිවල රැළි මත අංගුලිකා නම් වූ ඇඟිලි වැනි නෙරීම් රාශියක් පිහිටා තිබීම.
  • අංගුලිකා මත ක්ෂුද්‍ර අංගුලිකා පිහිටා තිබීම.
  • අංගුලිකා බිත්ති ඉතා තුනී වීම.
  • අංගුලිකාවලට මනා රුධිර සැපයුමක් තිබීම.

රූපයක් එක් කළ යුතුය

6.5 රූපය — ක්ෂුද්‍රාන්ත්‍රයේ අංගුලිකාවක ව්‍යුහය: ක්ෂුද්‍ර අංගුලිකා සහිත අපිච්ඡද සෛල, රුධිර කේශනාලිකා සහ පයෝලස නාලිකාව.

මෙම සෑම අනුවර්තනයක් ම කරන්නේ දෙකෙන් එකකි: පෘෂ්ඨය විශාල කිරීම, හෝ රුධිරයට යන මාර්ගය කෙටි කිරීම.