Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

අවශෝෂණය හා මහාන්ත්‍රය 2 වන පිටුව (3)

අවශෝෂණය වන්නේ කුමක් ද, එය යන්නේ කොහේ ද

විවිධ ජීරණ ඵල අංගුලිකාවෙන් මාර්ග දෙකකින් ඉවත් වේ.

රුධිර කේශනාලිකාවලට

ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ සහ මොනොසැකරයිඩ (ග්ලූකෝස්/ ගැලැක්ටෝස්/ ෆෘක්ටෝස්).

පයෝලස නාලිකාවලට

ලිපිඩ ජීරණයෙන් ඇතිවන මේද අම්ල හා ග්ලිසරෝල්. පයෝලස නාලිකාව වසා වාහිනියකි. එම ද්‍රව්‍ය අවසානයේ දී වසා පද්ධතිය ඔස්සේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වේ.

රුධිරයේ ග්ලූකෝස් වැඩිපුර ඇතිවිට ඒවා ග්ලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් වේ. රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වූ විට ග්ලයිකොජන් බිඳ හෙළීමෙන් ග්ලූකෝස් රුධිරයට එකතු වේ. අවශෝෂණය නොවී ඉතිරි වන ද්‍රව්‍ය සියල්ල ඉන්පසු මහාන්ත්‍රයට ඇතුළු වේ.