පෙනහැලිවල ආකෘතියක්
6.1 ක්‍රියාකාරකමෙන් පෙනහැලිවලට වාතය ඇතුළු වන හා පිටවන ආකාරයේ ආකෘතියක් සාදයි.
6.1 ක්‍රියාකාරකම — වායු සංසරණය ආදර්ශනය කිරීම
අවශ්‍ය ද්‍රව්‍ය: කුඩා සණ්ටා සරාවක්, Y නළයක්, සිදුරක් සහිත ඇබයක්, රබර් බැලූන් දෙකක්, බැලූන් පටලයක්/පොලිතින් කැබැල්ලක්, රබර් බෑන්ඩ් කිහිපයක්
රූපයේ දැක්වෙන ආකාරයට ඇටවුම සකස් කර බැලූන් පටලය පහළට අදිමින් සහ නිදහස් කරමින් බැලූන්වල ස්වභාවය නිරීක්ෂණය කරන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
රබර් පටලය පහළට ඇදීමෙන් සරාව තුළ පරිමාව වැඩිවේ. එවිට බාහිරින් වාතය ඇතුළු වීම නිසා බැලූන පිම්බේ. එසේම රබර් පටලය නිදහස් කළ විට සණ්ටා සරාව තුළ පරිමාව අඩුවන බැවින් බැලූන තුළ ඇති වාතය බාහිරයට ගමන් කරයි.
| ආකෘතියේ | සිරුරේ |
|---|---|
| බැලූන් | පෙනහැලි |
| Y නළය | ශ්වාසනාලය හා ශ්වාසනාලිකා |
| සණ්ටා සරාව | උරස් කුහරය |
| රබර් පටලය | මහා ප්‍රාචීරය |