ශ්වසන මාර්ගය
ජීව ක්‍රියාවලි සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් නිපදවන කාබන් ඩයොක්සයිඩ් බැහැර කිරීමටත් සැකසී ඇති පද්ධතිය ශ්වසන පද්ධතියයි.
රූපයක් එක් කළ යුතුය
නාස් කුහරය
→
ග්‍රසනිකාව
→
ස්වරාලය
→
ශ්වාසනාලය
→
ශ්වාසනාලිකා
→
අනු ශ්වාසනාලිකා
→
ගර්ත
නාස් කුහරයේ ඇතුළු පෘෂ්ඨයේ ඇති ශ්ලේෂ්මල නිසා නාස් කුහරයේ බිත්ති තෙත්ව පවතී. එමෙන්ම නාස් කුහර අපර කොටසේ බිත්තිය මත පක්ෂ්ම රාශියක් පිහිටා ඇත. ආශ්වාස වාතයේ අඩංගු බැක්ටීරියා, දූවිලි වැනි අපද්‍රව්‍ය ශ්ලේෂ්මලයේ ඇලීම නිසා ඒවා පෙනහැලි තුළට යාම වළකී. එමෙන්ම පක්ෂ්ම චලනය වීම මගින් ද එම ද්‍රව්‍ය ශ්වසන මාර්ගයෙන් ඉවත් කෙරේ. කිවිසුම් යන විට සහ කැස්ස මගින් බේටය සමග ද මෙම අපද්‍රව්‍ය ඉවත් කෙරේ.
නාසය වාතයට කරන දේ
- ආශ්වාස වාතය තෙත් වීම
- ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වයට පැමිණීම
- ආශ්වාස වාතයේ අපද්‍රව්‍ය ඉවත් වීම