Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.2. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය 4 වන පිටුව (4)

ආශ්වාසය හා ප්‍රශ්වාසය

පෙනහැලි උරස් කුහරය තුළ පිහිටයි. උරස් කුහරය පර්ශු කූඩුවකින් ආරක්ෂා වී ඇත. පර්ශු අතර අන්තර් පර්ශුක පේශි පිහිටයි. උරස් කුහරයේ පහළ සීමාව මහා ප්‍රාචීරය යි.

ආශ්වාසය

අන්තර් පර්ශුක පේශි සංකෝචනය වීම නිසා පර්ශු ඉහළට එස වී උරතලය ඉදිරියට නෙරා එයි.

මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වීම නිසා එහි මැද පෙදෙස පහත් වී වක්‍ර භාවය අඩු වේ.

උරස් කුහරයේ පරිමාව හා පෙනහැලිවල පරිමාව වැඩි වී නාස් මාර්ගය ඔස්සේ පෙනහැලි තුළට වාතය ඇතුළු වෙයි.

ප්‍රශ්වාසය

අන්තර් පර්ශුක පේශි ඉහිල් වීම නිසා උරතලය හා පර්ශු පහත් වී මුල් තත්ත්වයට පැමිණේ.

මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වී ඉහළට වක්‍ර වී මුල් තත්ත්වයට පත්වෙයි.

උරස් කුහරයේ පරිමාව අඩු වී පෙනහැලි තුළ පරිමාව අඩු වේ. එවිට වාතය ශ්වාසනාලය ඔස්සේ නාස් කුහරය තුළින් පිටතට ගමන් කරයි.

රූපයක් එක් කළ යුතුය

6.8 හා 6.9 රූප — ආශ්වාසයේ දී (පර්ශු ඉහළට, මහා ප්‍රාචීරය පැතලි) හා ප්‍රශ්වාසයේ දී (පර්ශු පහළට, මහා ප්‍රාචීරය වක්‍ර) පර්ශුවල හා මහා ප්‍රාචීරයේ ක්‍රියාකාරීත්වය.