Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ගර්ත තුළ සිදුවන වායු හුවමාරුව 1 වන පිටුව (2)

ගර්ත තුළ

නාස් කුහරයේ සිට ශ්වාසනාලය, ශ්වාසනාලිකා හා අනු ශ්වාසනාලිකා හරහා ගමන් කරන වාතය අවසානයේ ඇතුළු වන්නේ අනු ශ්වාසනාලිකා කෙළවර පිහිටි ගර්තවලට ය.

රූපයක් එක් කළ යුතුය

6.10 රූපය — පෙනහැලි තුළ ඇති වාතකෝෂ, ගර්ත හා ගර්ත මත ඇති රුධිර කේශනාලිකා.

ඔක්සිජන්

ගර්තික වාතයේ ඔක්සිජන් (O2) සාන්ද්‍රණය, ගර්ත වටා පිහිටි කේශනාලිකා රුධිරයේ අඩංගු O2 සාන්ද්‍රණයට වඩා වැඩි ය. එම නිසා ගර්තවල සිට රුධිර කේශනාලිකා තුළට O2 වායුව විසරණය වේ.

කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප

රුධිර කේශනාලිකාවල CO2 හා ජල වාෂ්ප සාන්ද්‍රණය ගර්තික වාතයට වඩා වැඩි ය. එම නිසා ඒවා ගර්ත තුළට විසරණය වී ප්‍රශ්වාස වාතය සමඟ බැහැර කෙරේ.

රූපයක් එක් කළ යුතුය

6.11 රූපය — ගර්තයක් තුළ: ඔක්සිජන් කේශනාලිකා රුධිරයට විසරණය වීම සහ කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප රුධිරයෙන් පිටතට විසරණය වීම.

බාහිර පරිසරය හා රුධිරය අතර වායු හුවමාරුව සිදුවන ස්ථානය ශ්වසන පෘෂ්ඨය ලෙස හැඳින්වේ. ඒ අනුව මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය වනුයේ ගර්ත බිත්තිය යි. ගර්ත බිත්තිය හරහා වායු හුවමාරුව සිදුවන්නේ විසරණය මගිනි.