හොඳ ශ්වසන පෘෂ්ඨයක ලක්ෂණ
කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ශ්වසන පෘෂ්ඨයක් සතු ලක්ෂණ හතරක් ඇත.
තෙත් හා පාරගම්‍ය
වායු හුවමාරු වීම සඳහා ශ්වසන පෘෂ්ඨය තෙත් හා පාරගම්‍ය විය යුතු ය.
තුනී
කාර්යක්ෂම වායු විසරණයක් සඳහා තුනී පෘෂ්ඨයක් විය යුතු ය.
විශාල
සතුන්ගේ අවශ්‍යතා අනුව විශාල වායු පරිමාවක් හුවමාරු වීමට තරම් එම පෘෂ්ඨය විශාල වර්ගඵලයක් තිබිය යුතු ය.
මනා රුධිර සැපයුම
මනා රුධිර සැපයුමක් තිබිය යුතු ය.
ගර්ත අනුවර්තනය වී ඇති ආකාරය
- ගර්ත බිත්ති තුනී වීම
- ගර්ත බිත්ති තෙත්ව පැවතීම
- රුධිර කේශනාලිකා ජාලයක් තිබීම
- වාතකෝෂ රාශියක් පිහිටීම
බොහෝ සතුන්ගේ ශ්වසන පෘෂ්ඨය ලෙස දේහාවරණය ක්‍රියා කරයි. ඔවුන්ගේ දේහාවරණය හරහා ශ්වසන වායු හුවමාරු වේ.