සවායු ශ්වසනය
ගර්ත හරහා රුධිරයට විසරණය වූ ඔක්සිජන් දේහ සෛල තුළ දී සරල කාබනික සංයෝග (ග්ලූකෝස්) සමඟ ප්‍රතික්‍රියා කිරීම සිදුවේ. මෙම රසායනික ප්‍රතික්‍රියාවේ දී ශක්තිය නිදහස් වේ. එය සෛලීය ශ්වසනය ලෙස හැඳින්වේ.
ශ්වසනය
ශ්වසනය යනු ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුළ දී සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය යි. මෙය පරිවෘත්තීය ක්‍රියාවලියකි.
ග්ලූකෝස් + ඔක්සිජන් → කාබන් ඩයොක්සයිඩ් + ජලය + ශක්තිය
C6H12O6 + 6O2 → 6CO2 + 6H2O
ශක්තිය නිදහස් වේ
සවායු ශ්වසනය
O2 වායුව ඇති විට සිදුවන ශ්වසනය සවායු ශ්වසනය ලෙස හැඳින්වේ.