Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

සෛලීය ශ්වසනය 2 වන පිටුව (3)

නිර්වායු ශ්වසනය

ඔක්සිජන් නොමැතිව ද ජීවීන්ට ශ්වසනය සිදු කළ හැකි ය. ජීවීන් විසින් ඔක්සිජන් වායුව රහිතව සිදු කරන ශ්වසනය නිර්වායු ශ්වසනය නම් වේ.

ශාක සෛල හා යීස්ට් — මද්‍යසාර පැසීම

ග්ලූකෝස් → කාබන් ඩයොක්සයිඩ් + එතිල් මද්‍යසාරය + ශක්තිය

සීනි ද්‍රාවණයක් තුළ යීස්ට් වැඩෙන විට මෙය සිදුවේ.

සත්ත්ව සෛල — ලැක්ටික් අම්ල පැසීම

ග්ලූකෝස් → ලැක්ටික් අම්ලය + ශක්තිය

මිනිසා ඇතුළු සතුන්ගේ සෛල තුළ මෙය සිදුවේ.

මීටර 100 දිවීමකින් පසු

මීටර 100 දිවීම වැනි ශීඝ්‍ර ක්‍රියාකාරකමක දී පාදවල මාංශ පේශි වේදනාව හා කෙණ්ඩා පෙරළීම ගෙන දෙන අවස්ථාවකට ඔබට මුහුණ දීමට සිදු වී ඇති ද? එසේ වන්නේ මාංශ පේශි තුළ නිර්වායු ශ්වසනය සිදු වීම නිසා ඇති වන ලැක්ටික් අම්ලය එකතු වීමෙනි.

ජීවීන්ට වැඩි ශක්ති ලාභයක් ලැබෙන්නේ සවායු ශ්වසනයේ දී ය. මෙයට හේතුව නිර්වායු ශ්වසනයේ දී ග්ලූකෝස් අණු අර්ධ වශයෙන් බිඳීම හා සවායු ශ්වසනයේ දී ග්ලූකෝස් අණු පූර්ණ වශයෙන් බිඳ හෙළීමයි.