Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

සෛලීය ශ්වසනය 3 වන පිටුව (3)

ATP — ශක්ති වාහකය

සවායු ශ්වසනයේ දී මෙන් ම නිර්වායු ශ්වසනයේ දී ද ශක්තිය නිපදවේ. මෙම ශක්තියෙන් කොටසක් තාපය ලෙසින් මුදහැරෙන අතර ඉතිරි කොටස රසායනික ශක්තිය වශයෙන් ඇඩිනොසීන් ට්‍රයිපොස්ෆේට් (ATP) නැමැති අධිශක්ති සංයෝගයෙහි තැන්පත් වේ.

ශක්තිය ගබඩා කිරීම

ශ්වසනයෙන් නිදහස් වූ ශක්තිය ATP රඳවා ගනී.

ශක්තිය නිදහස් කිරීම

ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ATP බිඳහෙළීමෙන් නිදහස් කෙරේ.

ශක්ති වාහකයක් ලෙස

එය ශක්ති වාහකයක් ලෙස ක්‍රියා කරයි.

ATP හි ශක්තිය යොදා ගැනෙන දේ

  • පේශි චලන
  • සක්‍රිය පරිවහනය
  • ජීවීන් තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා
  • සරල සංයෝගවලින් සංකීර්ණ සංයෝග සංශ්ලේෂණය — ඇමයිනෝ අම්ලවලින් ප්‍රෝටීන්
  • නව සෛල නිපදවීම
  • සමහර ජීවීන් විසින් ආලෝකය නිපදවීම — කණාමැදිරියා
  • සමහර ජීවීන් විසින් විදුලිය නිපදවීම — විදුලි ආඳා